මූල්‍ය දෙපාර්තමේන්තුව (හඳුනා ගැනීමේ වර්ණය – රතු)

මහා නගර සභා බල ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සුභ සාධක හා අනිකුත් සංවර්ධන කටයුතු සඳහා අරමුදල් රැස්කර ගනු පිණිස මහා නගර සභාව විසින් එහි ජනතාවට සපයනු ලබන සේවාවන් සඳහා සහනදායී ගාස්තු ක්‍රමයක් අනුගමනය කරයි.

ප්‍රධාන ආදායම් මූලාශ්‍ර  වන්නේ

  • වරිපනම් බදු
  • කුලී
  • බලපත්‍ර
  • සේවා ගාස්තු
  • පොළී හා දඩ මුදල්
  • වෙනත් ආදායම්
  • ආදායම් ආධාර
  • ප්‍රාග්ධන ආධාර

දෙපාර්තමේන්තුව යටතේ ඇති ‍අංශ

  1. වරිපනම් අංශය
  • දෛනිකව වරිපනම් බදු අය කර ගැනීම සහ ඒ සඳහා ලදුපත් නිකුත් කිරීම.
  • තක්සේරු හා වරිපනම් ලේඛන වල නම වෙනස් කිරීම සම්බන්ධ AT හා Com. ලිපිගොනු වල කටයුතු.
  • අනුකූලතා සහතික ලබා ගන්නා ලද ලිපිගොනු වලට අදාළ දේපළ තක්සේරුව වෙනස් කිරීම සඳහා කටයුතු කිරීම. (තක්සේරු නිලධාරි නිර්දේශය සහිතව නාගරික ගණකාධිකාරී අනුමැතිය පරිදි)
  • නව දේපළ තක්සේරු කිරීම සහ එම දේපළ ලේඛන වල ඇතුලත් කිරීම.
  • ගොඩනැගිලි අයදුම්පත්‍ර සඳහා වරිපනම් වාර්තා ලබා දීම.
  • 1986 වර්ෂයේ සිට පවත්නා වර්ෂය දක්වා හිමිකම් සහතික වලට අදාළ ගාස්තු අයකර එම සහතික නිකුත් කිරීම.
  • තක්සේරු දැන්වීම් නිකුත් කිරීම.
  • තක්සේරු ලේඛන යාවත්කාලීන කිරීම හා පිටපත් කිරීම.
  • නොපවරාගැනීමේ සහතික නිකුත් කිරීම.
  • බදු සහන ලබා දීම සම්බන්ධ ලිපිගොනුවල රාජකාරි.
  • වරිපනම් ලැබීම් සම්බන්ධ මාසික වාර්තා හා දෛනික වාර්තා සැකසීම.
  • ආදායම් පරීක්ෂක හා දේපළ තහනම් කිරීමේ නිලධාරින් වෙත හිඟ ආදායම් පිළිබඳව විනිග්‍රහ බලපත්‍ර නිකුත් කිරීම.
  • වරිපනම් බදු නොගෙවීම හේතුවෙන් හිඟ වරිපනම් බදු පවතින දේපළ සඳහා තහනම් නිවේදන නිකුත් කිරීම හා දේපළ තහනම් කිරීමේ කටයුතු සිදු කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම.
  1. මිශ්‍ර ආදායම් අංශය
  • බදු හා බලපත්‍ර ගාස්තු අය කිරීම.

මහ නගර සභා බල ප්‍රදේශය තුළ කොට්ඨාශ 16ක බදු හා බලපත්‍ර ගාස්තු අය කිරීම.
හිඟ බදු හා බලපත්‍ර ගාස්තු වෙනුවෙන් ආදායම් පරීක්ෂක මහතුන් විසින් පනවන ලද නඩු වල නඩු අංක ව්‍යාපාර බදු හා බලපත්‍ර ලේඛන වල සටහන් කිරීම.
මහ නගර සභා බල ප්‍රදේශය තුළ සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි වි ඇති හෝටල් වල වර්ෂයේ ලැබීම් මත 1%ක ගාස්තුවක් අය කිරීම. අදාළ විකුණුම් වර්ෂයේ ජුනි 30ට පෙර ගාස්තු ගෙවා බලපත්‍ර ලබා ගත යුතුයි.

  • මොරටුව බල ප්‍රදේශයේ ප්‍රදර්ශනය කරනු ලබන බැනර්, කටවුට්, දැන්වීම් පුවරු සඳහා ගාස්තු අය කිරීම.
  • මොරටුව බල ප්‍රදේශයේ ඇති නගර සභා ව්‍යාපාරික ස්ථාන සඳහා කඩ කුලී අය කර ගැනිම
    • මධ්‍යම වෙළෙඳ පොළ
    • උස්වත්ත වෙළෙඳ පොළ
    • එගොඩඋයන වෙළෙඳ පොළ
    • කොරළවැල්ලවෙළෙඳ පොළ
    • මොරටුවැල්ල වෙළෙඳ පොළ
    • කටුබැද්ද වෙළෙඳ පොළ
    • සුපිරි වෙළෙඳ සංකිර්ණය – මොරටුව
    • දිගරොල්ල වෙළෙඳ පොළ
  • මොරටුව මහා නගර සභා සීමාව තුළ පවත්වා‍ගෙන යනු  ලබන මස් කඩ සඳහා කුළී අයකිරීම සහ ෆාම් ෂොප් සඳහා විශේෂ බලපත්‍ර ලබා දීම.
  • සෑම මසකම 10 වන දින වන විට කඩ කුළී අය කිරීම හා ප්‍රමාද වීම් වෙනුවෙන් දඩ මුදල් අය කිරීම.
  • මහා නගර සභා නිල නිවාස වෙනුවෙන් ගාස්තු අය කිරීම.
  • ඉඩම් විකිණීම මත මුද්දර ගාස්තු අයකර ගැනීම, උසාවි දඩ අයකර ගැනීම.
  • ගෙවල් කුළී තැන්පත් සම්බන්ධයෙන් කටයුතු කිරීම.
  • මොරටුව බල ප්‍රදේශයේ ඇති ත්‍රීවීලර් රථ සම්බන්ධ සමීක්ෂණ කටයුතු වලින් පසු මුදල් අය කර ගැනීම.
  • විනෝද බදු හා පොදු සංදර්ශන ගාස්තු අය කර ගැනීම.
  • බස් නැවතුම්පල පොදු වැසිකිළි පවත්වාගෙන යාමේ ටෙන්ඩර් කටයුතු සිදු කිරීම.
  • මහා නගර සභාව සතු ක්‍රීඩාංගණ වෙන් කිරීම් සඳහා ගාස්තු අය කිරීම.
  • උත්සව සමයේ හා ප්‍රවර්ධන වැඩසටහන් සඳහා පදික වේදිකා ගාස්තු අය කිරීම.
  • ජනසෙත පුස්තකාලය මඟින් පවත්වාගෙන යනු ලබන පරිගණක පාඨමාලාවන් සඳහා ගාස්තු අය කිරීම.
  • පුස්තකාල දඩ මුදල්, සාමාජික පත්‍ර සඳහා මුදල් අය කිරීම.
  • පාපැදි, වෙළඳ කරත්ත, වෙළඳ බයිසිකල් සඳහා ගාස්තු අය කිරීම.
  • ප්‍රජා ශාලා, ක්‍රීඩාපිටි වෙන් කිරීම සහ ඒ සඳහා මුදල් අය කිරීම.
  • අබලි භාණ්ඩ, පුවත්පත්, වාහන ටෙන්ඩර් කිරීම හා ආදායම් ලබා ගැනීම.
  • සුසාන භූමි 04 සඳහා වෙන් කිරීම් සිදු කිරීම, පවුල් වලවල් සහ අළු කුටි වෙන් කිරීම.
  1. ආදායම් පරීක්ෂක අංශය
  • මොරටුව මහා නගර සභා බල ප්‍රදේශයට අයත් ව්‍යාපාර බදු ගෙවිය යුතු ආයතන සමීක්ෂණය, අයදුම්පත් නිකුත් කිරීම, නිවේදන නිකුත් කිරීම, ජංගම සේවා පැවැත්වීම, ව්‍යාපාරික ස්ථාන වලට ගොස් මුදල් අය කිරීම, රතු නිවේදන නිකුත් කිරීම, ව්‍යාපාර බදු ගෙවීම පැහැර හරින අයට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීම, අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම පිළිබඳව නාගරික ගණකාධිකාරි මඟින් මිශ්‍ර ආදායම් අංශයට තොරතුරු ලබා දීම හා නඩු ලේඛණය යාවත්කාලීන කිරීම.
  • ව්‍යාපාර බලපත්‍ර සදහා මූලික සමීක්ෂණය, වසර පුරා අළුත් ව්‍යාපාර පිළිබද වාර්තා කිරීම.
  • වෙළඳ ස්ථාන කුලී අය කරගැනීම.
  • මිශ්‍ර ආදායම් අංශය මගින් ලබා දෙනු ල‍බන හිඟ මුදල් සම්බන්ධ නිවේදන නිකුත් කිරීම.
  • වෙළඳ ස්ථාන කුලී ගෙවීම පැහැර හරින ලද ස්ථාන ඇත්නම් මුද්‍රා තැබීම.
  • පදික වේදිකා
  • උත්සව සමයේ සභාව මගින් බදු දෙන ලද පදික වේදිකා පරීක්ෂා කර කිරීම සහ මුදල් අය කිරීම
  • වෙන්දේසි වලට සහභාගි වීම හා මුදල් අය කිරීම.
  • බල ප්‍රදේශයේ ප්‍රවර්ධන කුටි පරීක්ෂාව මුදල් අය කිරීම.
  • පාපැදි බලපත්‍ර පරීක්ෂාව හා බලපත්‍ර රහිත අයට බලපත්‍ර ලබා දීම.
  • ත්‍රිරෝද රථ ගාල් සමීක්ෂණය ගාල් ගාස්තු ගෙවීම පිළිබඳ දැනුවත් කිරීම, මුදල් සභාව වෙත ගෙවීමට සැලැස්වීම.
  • විනෝද බදු අය කිරීම.
  • බල ප්‍රදේශයේ විනෝද බදු අයකළ යුතු ස්ථාන පරීක්ෂා කිරීම හා මුදල් අය කිරීම.
  • දැන්වීම් පුවරු හා බැනර් සමීක්ෂණය, දැන්වීම් පුවරු හා බැනර් ප්‍රදර්ශනය කරන ස්ථාන සඳහා ලිපි නිකුත් කිරීම හා දැනුවත් කිරීම, ප්‍රදර්ශන ගාස්තු ගෙවිම පැහැර හරින හා අනුමැතියකින් තොරව ප්‍රදර්ශනය කරනු ලබන දැන්වීම් හා ප්‍රචාරණ පුවරු ගලවා ඉවත් කිරීම.
  • අනවසර පදික වෙළෙදුන් ඉවත් කිරීම.
  • වරිපනම් ලේඛනයේ නම වෙනස් කිරීමේ AT ලිපි ගොනු වල ස්ථාන පරීක්ෂාව.
  • දේපළ තක්සේරු කිරිම සහ නව වරිපනම් අංක ලබා දීම.
  • බදු සහන ලබා දිම් වලට අදාල ලිපි ගොනු කටයුතු.
  1. තක්සේරු අංශය
  • AT ලිපිගොනු වල ස්ථාන පරීක්ෂාවන් සිදුකර වාර්තා කටයුතු සිදු කිරීම.
  • මිශ්‍ර ලිපිගොනු සඳහා ස්ථාන පරීක්ෂාවන් සිදුකර වාර්තා සැකසීම.
  • ගොඩනැගිලි අයදුම්පත් සඳහා ස්ථාන පරීක්ෂාවන් සිදු කර තක්සේරු කටයුතු සිදු කිරීම.
  • නගර සභා දේපළ තක්සේරු කටයුතු සිදු කිරීම.
  • විශේෂ දේපළ හඳුනාගෙන ස්ථාන පරීක්ෂාවන් සිදු කර තක්සේරු කටයුතු සිදු කිරීම.
  • කඩකුළී තක්සේරු කිරීම.
  • නගර සභාවේ තක්සේරුවන්ට අදාළව ඉටුකරන රාජකාරි.
  1. සරප් අංශය
  • සියළුම ලැබීම් හා ගෙවීම් කටයුතු සිදු කිරීම.
  • ලැබීම් මුදල් හා චෙක්පත් දෛනිකව බැංකුගත කිරීම.
  • සාමාන්‍ය චෙක් පත් හා තැපැල් චෙක්පත් ලේඛනය පවත්වාගෙන යාම.
  • සරප් ලෙජරය, ලැබීම් ලෙජරය දෛනිකව තුලනය කරගෙන පවත්වා ගැනීම.
  • මූල්‍ය දෙපාර්තමේන්තුවේ සුළු මුදල් අග්‍රිමය පවත්වාගෙන යාම.
  1. සැපයුම් අංශය
  • ආයතයනයට අවශ්‍ය භාණ්ඩ හා සේවා සපයා ගැනීම සඳහා වාර්ෂිකව සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම.
  • ආයතයනයට අවශ්‍ය භාණ්ඩ හා සේවා නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කරමින් විධිමත් පරිදි සැපයීම.
  1. ගිණුම් අංශය
  • වාර්ෂික අයවැය සකස් කර සභාව වෙත ඉදිරිපත් කිරීම.
  • සාරාංශ ආදායම් ලේඛනය සකස් කිරීම.
  • වාර්ෂික අවසාන ගිණුම් සකසා විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම.
  • ප්‍රධාන ලෙජරය, වැය ලෙජරය පවත්වාගෙන යාම.
  • මුදල්පොත පවත්වාගෙන යාම හා තුලනය කිරීම.
  • ලැබෙන වවුචර් සඳහා චෙක් පත් ලිවීම හා නිකුත් කිරීම.
  • බැංකු ගිණුම් සඳහා වෙනම මුදල් පොත් පවත්වාගෙන යාම.
  • චෙක්පත් ලේඛනය පවත්වාගෙන යාම.
  • සියළුම බැංකු ගිණුම් වල මාසික බැංකු සැසඳුම් නියමිත දිනට පෙර සකස් කිරීම.
  • අගරු චෙක්පත් සඳහා ලේඛනය පවත්වාගෙන යාම.
  • අගරු වූ චෙක්පත් සම්බන්ධයෙන් ගණුදෙනුකරු වෙත දැනුම් දී මුදල් ගෙන්වා ගැනීමට කටයුතු කිරීම.
  • දේපළ ණය, ආපදා ණය, ඇතුළු සියළු ණය ගෙවීම්.
  • සේවක ණය ලේඛනය පවත්‍වා ගෙන යාම.
  • උත්සව අත්තිකාරම්, වි‍ශේෂ අත්තිකාරම් චක්‍රලේඛනානුකූලව නිකුත් කිරිම.
  • අත්තිකාරම් ලේඛණය පවත්වාගෙන යාම.
  • භාණ්ඩ එකතු ලේඛනය පවත්වාගෙන යාම.
  • තැන්පත් ලේඛනය පවත්වාගෙන යාම.
  • සේවක ඇප තැන්පත් ලේඛණය පවත්වාගෙන යාම.
  • එකතු කල අගය මත බදු, ජාතිය ගොඩනැගීමේ බදු, උපයන විට ගෙවීමේ බදු,ගෙවීම් වලට අදාල මුද්දර බදු ඇතුළු සියළුම බදු දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත නියමිත දිනට පෙර යැවීමට කටයුතු කිරීම.
  • මාසිකව මූල්‍ය වාර්තා සකසා මුදල් කමිටුවට ඉදිරිපත් කිරීම.
  • විවිධ ණය හිමියන් ඇති කිරීම හා කපා හැරීම සහ අවසාන ගිණුම් සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම.
  • වැය විග්‍රහය මාසිකව සැකසීම.
  • පළාත් පාලත කොමසාරිස් වෙත වාර්තා යැවීම.
  1. වැටුප් අංශය
  • සේවක වැටුප් සකස් කිරීම.
  • සේවක අර්ථසාධක, රාජ්‍ය සේවා අර්ථසාධක කාර්යයන් සිදු කිරීම.
  1. ගබඩාව
  • නඩත්තු ද්‍රව්‍ය ඇණවුම් කිරීම, භාර ගැනීම, ගබඩා කරගැනීම, .නිකුත් කිරීම.

ගබඩාවට අදාළ ලේඛන පවත්වාගෙන යාම, ඉන්වෙන්ට්‍රි ලේඛන පවත්වාගෙන යාම.