ලේකම් දෙපාර්තමේන්තුව (හඳුනා ගැනීමේ වර්ණය – කහ)
දෙපාර්තමේන්තුව යටතේ ඇති අංශ
- රැස්වීම් අංශය
- සභා කටයුතු.
- සභා රැස්විම් පැවැත්වීම.
- මාසික රැස්වීම් වාර්තාව සකස් කිරිම.
- කමිටු රැස්වීම් පැවැත්වීම.
පහත ස්ථාවර කමිටු මාසය තුල පවත්වා අවසන් කළ යුතුය.
- ඉඩම්, නිවාස, ගොඩනැගිලි, රථ වාහන හා නගර සංවර්ධනය පිළිබඳ ස්ථාවර කාරක සභාව
- ආයතන, නීතිය, පරිපාලන හා ආරක්ෂාව පිළිබඳ ස්ථාවර කාරක සභාව
- මහජන උපයෝගීතාව හා ප්‍රජා සංවර්ධනය පිළිබඳ ස්ථාවර කාරක සභාව
- සෞඛ්‍ය, සනීපාරක්ෂාව, වෙළඳසැල්, පිළිබඳ ස්ථාවර කාරක සභාව
- ක්‍රීඩා කටයුතු, සුභසාධන හා පොදු විනෝද කටයුතු පිළිබඳ ස්ථාවර කාරක සභාව
- පරිසර සංරක්ෂණය, ගබඩා භාණ්ඩ තොග සහ අබලි ද්‍රව්‍ය පිළිබඳ ස්ථාවර කාරක සභාව
- ඵලදායීතාවය ඇති කිරීම, මුදල් උත්පාදනය කිරීම හා පරිහරණය පිළිබඳ ස්ථාවර කාරක සභාව
- කර්මාන්ත, මාර්ග,ජල සැපයුම්, ජලාපවහනය, විදුලිය, වීථි ලාම්පු, පිළිබඳ ස්ථාවර කාරක සභාව
- මුදල් පිළිබද ස්ථාවර කාරක සභාව
- පුහුණු පාඨමාලා පැවැත්වීම.
- ප්‍රජාශාලා හා මොරටුව මහා නගර සභාවේ ආරක්ෂක කටයුතු පවත්වාගෙන යාම, ආරක්ෂක සේවක සේවා කටයුතු ක්‍රමවත් අයුරින් පවත්වාගෙන යාම.
- ප්‍රජා සංවර්ධන අංශය
- මොරටුව මහා නගර සභාව මගින් ක්‍රියාත්මක වන පෙරපාසල් කටයුතු සම්බන්ධීකරණය, මෙහෙයවීම හා අධීක්ෂණ කටයුතු සිදු කිරීම.පාලනය වන පෙර පාසල් ගනන – 20
පෙරපාසල් ගුරුවරියන් ගනන – 42 - මොරටුව මහා නගර සභාව මගින් ක්‍රියාත්මක වන පොදු වැඩසටහන් සංවිධානය හා ක්‍රියාත්මක කිරීම.
- ප්‍රජා මණ්ඩල සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.
- තොරතුරු තාක්ෂණ ඒකකය
- මොරටුව මහා නගර සභාව සඳහා තොරතුරු පද්ධතියක් ස්ථාපනය කිරීමේ කටයුතු සිදු කිරීම.
- ආයතනයේ පවතින පරිගණක සම්බන්ධ අළුත්වැඩියා සහ අනෙකුත් කටයුතු සිදු කිරීම.
- තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලුම් කිරීම් සඳහා කටයුතු කිරීම.
- පුහුණු ඒකකය
- පුහුණු වැඩමුළු සඳහා නිලධාරින් හා සේවකයන් යොමු කිරීම.
- පුහුණු වැඩමුළු සංවිධානය කිරීම.
- ලේඛනාගාරය
ලේකම් දෙපාර්තමේන්තුව යටතේ ලේඛනාගාරය පවත්වාගෙන යනු ලබන අතර, එහි ලේඛන භාරකරු, ලේඛනාගාර සහායක, පොත් බැදුම්කරුවන් සේවය කරනු ලබයි.
- ආයතනයේ ලේඛන වල සුරක්ෂිතතාවය හා ලේඛන කළමනාකරණය, ලේඛන අපහරණය කිරීම ආදිය සිදු කරයි.
- අවශ්‍ය අවස්ථා වලදී, අනෙකුත් දෙපාර්තමේන්තු වලට ලිපි ගොනු ලබා දීම.
- ආයතනයේ පොත් බැඳීම සිදු කරයි.
- ආරක්ෂක අංශය
- ආයතනයේ හා ආයතනය යටතේ ක්‍රියාත්මක වන ස්ථාන සඳහා ආරක්ෂාව සැපයීම.
- ප්‍රජාශාලා පවත්වාගෙන යාම.
- ප්‍රජා ශාලා
- මොරටුව මහා නගර සභාව යටතේ ක්‍රියාත්මක වන ප්‍රජා ශාලා ගණන 19 කි. ඒවායෙහි පෙර පාසල්, කියවීම් ශාලා, නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලා, මාතෘ හා ළදරු සායන, දිවා සුරැකුම් මධ්‍යස්ථාන මෙන්ම කාය වර්ධන මධ්‍යස්ථාන ද පවත්වනු ලබයි.