පරිපාලන දෙපාර්තමේන්තුව (හඳුනා ගැනීමේ වර්ණය – නිල්)

මොරටුව මහ නගර සභාවේ සාමාන්‍ය පාලනය සහ සේවක පාලනය සිදු කෙරෙනුයේ පරිපාලන දෙපාර්තමේන්තුව මඟිනි.

දෙපාර්තමේන්තුව යටතේ ඇති ‍අංශ

  1. ආයතන අංශය
  • කාර්ය මණ්ඩලයේපෞද්ගලික ලිපිගොනු යාවත්කාලීන ව පවත්වාගෙන යාම.
  • ආයතනගත සේවකයන්ගේ විශ්‍රාම වැටුප් සකස් කිරීම.
  • සේවක සංඛ්‍යා තොරතුරු පවත්වා ගෙනයාම.
  • පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදු කිරීම.
  • ආයතනයේ විවිධ අවශ්‍යතා ඉටුකරවා ගැනීමට අවශ්‍ය නව කාර්ය මණ්ඩලය අනුමත කරවා ගැනීමට කටයුතු කිරීම.
  • පැමිණීම හා නිවාඩු ලේඛන පවත්වාගෙන යාම.
  • දුම්රිය බලපත්‍ර, සේවක රක්ෂණ ප්‍රතිලාභ ලබාදීම.
  • බඳවා ගැනීම්, මාරු කිරීම්, උසස් කිරීම් හා ස්ථාන මාරුවීම් හා සියළු ආයතන කටයුතු ද විනය කටයුතු හා සාමාන්‍ය පාලනය
  1. මහජන පුස්තකාල

මොරටුව මහා නගර සභා බල ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ තොරතුරු හා දැනුම් අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මොරටුව මහා නගර සභාව විසින් ප්‍රධාන පුස්තකාලය ඇතුළු පුස්තකාල 8ක් හා කියවීම් ශාලා 2ක් පවත්වාගෙන යනු ලබයි.

  • ජනසෙත ප්‍රධාන පුස්තකාලය, කටුබැද්ද
  • මොරටුව මහජන පුස්තකාලය, මොරටුව
  • සොයිසාපුර ශාඛා පුස්තකාලය, සොයිසාපුර
  • ගල්පොත්ත ශාඛා පුස්තකාලය, ගල්පොත්ත
  • තෙලවල ශාඛා පුස්තකාලය, තෙලවල
  • එගොඩඋයන ශාඛා පුස්තකාලය, එගොඩඋයන
  • කටුකුරුන්ද ශාඛා පුස්තකාලය, කටුකුරුන්ද
  • කොරළවැල්ල ශාඛා පුස්තකාලය, කොරළවැල්ල

ලබා දෙන සේවාවන්

  • පාඨකයන් හ‍ට අවශ්‍ය ග්‍රන්ථ ලබා දීම.
  • දැනුවත් කිරීමේ වැඩසටහන්, අධ්‍යාපනික දේශන පැවැත්වීම.
  • සාහිත්‍ය තරඟ පැවැත්වීම.
  • තොරතුරු තාක්ෂණික අධ්‍යාපනය ලබා දිම.
  • අධ්‍යාපනික ප්‍රදර්ශන පැවැත්වීම.