ගරු පුරපතිතුමාගේ පණිවුඩය
වසර දෙකක ඉසුඹුවකින් පසු මොරටුව මහා නගර සභාවේ පාලනය ජනතාව විසින් තෝරා පත්කරගත් ජනතා නියෝජිතයන්ගෙන් සමන්විත පාලන තන්ත්රයක භාරයට පත් වීමෙන් පසු නවමු මුහුණුවරකින් අප ආරම්භ කල ජනතා කේන්ද්‍රීය පාලන ක්‍රමය යටතේ ගත් තවත් ඉදිරි පියවරක් ලෙස මොරටුව මහා නගර සභා වෙබ් අඩවියක් ස්ථාපිත කිරීමට හැකිවීම පිළිබඳ අතිශයින් සතුටට පත් වෙමි.
තාක්ෂණයේ දියුණුවත් සමඟ රාජ්‍ය පාලන ව්‍යුහය හා ජනතාව අතර සම්බන්ධතා වඩාත් සමීප කිරීමට මෙන්ම වැඩි කාර්යක්ෂමතාවයකින් යුතුව ජනතා සේවාවන් ඉටු කිරීමට මෙම වෙබ් අඩවිය මහජන නියෝජිතයන්ට, නිලධාරින්ට මෙන්ම පුරවැසි ජනතාවටද එකසේ ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි.
මෙම වෙබ් අඩවිය මොරටුව මහා නගර සභාවේ කටයුතු ස්වයංක්‍රීයකරණය කිරීමේ දීර්ඝ කාලීන ව්‍යාපෘතියේ ආරම්භක අදියර වන අතර ඉදිරි වසර කිහිපය තුලදි නවීන තොරතුරු තාක්ෂණයේ බල ගැන්වුණු පළාත් පාලන ආයතනයක් බවට මොරටුව මහා නගර සභාව පත්කිරීම අපගේ අපේකෂාව බවද සඳහන් කරමි.
දේශබන්දු දේශමාන්‍ය ලංකා පුත්‍ර,
ඩබ්ලිව් සමන්ලාල් ප්‍රනාන්දු,
පුරපති,
මොරටුව මහා නගර සභාව.