ආයුර්වේද දෙපාර්තමේන්තුව (හඳුනා ගැනීමේ වර්ණය – ලා කොල)
- මොරටුව මහා නගර සභා බල ප්‍රදේශයේ ජනතාවගේ ජීවිත නීරෝගීමත් කිරීම සඳහා නිවැරදි සෞඛ්‍ය පුරුදු ඇති කිරීම, ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම, රෝග වළක්වා ගැනීමට කටයුතු කිරීම, දේශීය ඖෂධ හා ඖෂධ පැළෑටි පිළිබඳ අවබෝධයක් ලබා දීම.
- රෝගී ජනතාව සුවපත් කිරීම සඳහා නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලා තුළින් නොමිලයේ ප්‍රතිකාර හා උපදේශන සේවා ලබා දිම.
- රෝගී ජනතාව වෙනුවෙන් ජංගම සායන පැවැත්වීම.
දෙපාර්තමේන්තුව යටතේ ඇති ආයුර්වේද බෙහෙත් ශාලා
- ප්‍රධාන ආයුර්වේද බෙහෙත් ශාලාව – මහනගර සභා පරිශ්‍රය
- මොරටුවැල්ල නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව
- එගොඩඋයන නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව
- ඉඳිබැද්ද නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව
- අඟුලාන නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව
- කොරළවැල්ල නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව
- කටුබැද්ද නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව
- සල්ගහසිංහපුර නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව
- මොරටුමුල්ල නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව
මෙම ආයුර්වේද බෙහෙත්ශාලා 09 තුළ ආයුර්වේද ද්‍යෛවරු 08 දෙනෙකු සහ 18 දෙනෙකුගෙන් යුතු පළපුරුදු කාර්ය මණඩලයක් සේවයෙහි යෙදෙයි.
පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා මෙම ආයුර්වේද බෙහෙත්ශාලා රෝගීන් සඳහා විවෘතව පවතී.





Visit Today : 183
This Month : 5394
This Year : 32301