නාගරික කොමසාරිස්තුමියගේ පණිවිඩය
මොරටුව මහා නගර සභාවේ වෙබ් අඩවිය පුරවැසි සේවා කාර්යක්ෂම කිරීමේ අරමුණින් ආරම්භ කර ඉතා සාර්ථකව පවත්වාගෙන යෑමට හැකි වීම පිළිබඳව සතුටට පත් වෙමි.
තාක්ෂණයේ දියුණුවත් සමඟ රාජ්‍ය පාලන ව්‍යුහය හා ජනතාව අතර සම්බන්ධතා වඩාත් සමීප කිරීමට මෙන්ම වැඩි කාර්යක්ෂමතාවයකින් යුතුව ජනතා සේවාවන් ඉටු කිරීමට මෙම වෙබ් අඩවිය සභාවේ නිලධාරීන්ට මෙන්ම පුරවැසි ජනතාවට ද එකසේ ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි.
පුරවැසි ජනතාවට වරිපනම් බදු ගෙවීම, ගොඩනැඟිලි සැලසුම් අනුමත කිරීම, අනුකූලතා සහතික ලබා ගැනීම, බිම් කට්ටි අයදුම්පත් අනුමත කිරීම සහ සභාවෙන් ලැබිය යුතු සේවාවන් සඳහා අයදුම්පත් බාගත කිරීම, අදාළ සේවාවන් සිදු කර ගැනීමේ ක්‍රියාපටිපාටිය ගැලීම් සටහන් මඟින් විස්තරාත්මකව සපයා ගැනීම සඳහා ද මෙම සභාවේ වෙබ් අඩවිය මඟින් පහසුකම් සලසා දී ඇත. තවද නුදුරේදී ම අන්තර්ජාලය ඔස්සේ සියළුම ගෙවීම් කටයුතු සිදු කිරීමට මෙම සභාවට හැකිවනු ඇත. එමෙන්ම අපගේ පුස්තකාල පද්ධතිය ද ස්වයංක්‍රීයකරණය කිරීමට කටයුතු සලසමින් සිටින බව ද සඳහන් කරනු කැමැත්තෙමි.
අපගේ සේවාවන් අඛණ්ඩව වැඩි දියුණු කිරීම සඳහා ඉල්ලීම් සහ පැමිණිලි ලබා ගැනීමේ පහසුකම ද මෙම වෙබ් අඩවිය සතුවේ.
විශේෂයෙන්ම රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව තොරතුරු තාක්ෂණයෙන් බල ගැන්වුණු රාජ්‍ය සේවාවක් ගොඩනැගීම සඳහා මොරටුව මහා නගර සභාවේ කටයුතු ස්වයංක්‍රීයකරණය කිරීමේ දිර්ඝ කාලීන ව්‍යාපෘතිය තුලින් ඉදිරි වසර කිහිපය තුළ දී නවීන තොරතුරු තාක්ෂණයෙන් බල ගැන්වුණු පළාත් පාලන ආයතනයක් බවට මොරටුව මහා නගර සභාව පත් කිරීම අපගේ අපේක්ෂාව බව ද සතුටින් සඳහන් කරමි.
එල්.පී.මනෝජා එස් පතිරණ
නාගරික කොමසාරිස් සහ
මොරටුව මහා නගර සභාවේ
බලතල කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරි