නීති දෙපාර්තමේන්තුව (හඳුනා ගැනීමේ වර්ණය – සුදු)

  • මොරටුව මහා නගර සභාව නෛතික පුද්ගයෙකු වශයෙන් පාර්ශවකරුවකු වන නඩු වලදීත් නාගරික කොමසාරිස් හා නගරාධිපති පාර්ශවකරුවකු වන නඩු වලදීත් නීතීඥ නියෝජනය සහිතව අධිකරණයේ පෙනී සිටීමත් නීතිමය සහාය ලබාදීම.
  • සභාවේ නීතීඥවරයා වශයෙන් පෙරකලාසී ගොනු කිරීමෙන් ලේඛනගත නිතීඥවරයා වශයෙන් කටයුතු කිරීම.
  • ලේඛන හා ගිවිසුම් කෙටුම්පත් කිරීම හා සකස් කිරීම.
  • එදිනෙදා නීති උපදෙස් පිළිපැඳීම සභාවේ නිලධාරීන් සාක්ෂිකරුවන් ලෙස විවිධ අධිකරණ වල පෙනී සිටින විට ඔවුන්ට නීතීඥ සහාය ලබාදීම.
  • වරෙන්තු සඳහා ඉදිරිපත් කිරීම සහ වරෙන්තු ආපසු කැඳවීම.
  • සිතාසි/නොතීසි ලද නිලධාරීන් වෙනුවෙන් නීතීඥ නියෝජනය ලබාදීම.
  • නාගරික සංවර්ධන අධිකාරී පනත යටතේ පවරන නඩුවලදී පැමිණිලි කෙටුම්පත් කිරීම, නඩු ගොනු කිරීම.
  • උත්තරවාද සකස් කිරීම, ලිඛිත දේශන සකස් කිරීම.
  • මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවරන ලද නඩුවලදී ඔවුන්ගේ ඉල්ලීම මත මහේස්ත්‍රාත් අධීකරණයේ සහ මහාධිකරණයේ පෙනී සිටීම.
  • ආදායම් පරීක්ෂකවරුන් පවරන ලද නඩුවලදී අවශ්‍ය අධිකරණමය සහාය ලබාදීමත් සිදුකරනු ලැබේ.
  • අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා ලබාගත් නියෝග ක්‍රියාත්මක කිරීම තෙක් නීති උපදෙස් ඇතුළුව අවශ්‍ය නීතිමය සහාය ලබාදීම.
  • අනවසර ඉදිකිරීම් සම්බන්ධව නඩු පැවරීමට පෙර පාර්ශවයන් සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණියහොත් සමථ කිරීමට අවශ්‍ය කටයුතු යෙදීම.
  • සියළුම නඩු කටයුතු සඳහා අධිකරණයට ගෙවිය යුතු ගාස්තු රිසිට්පත් මඟින් ගෙවීම.
  • ජ්‍යෙෂ්ඨ නීතීඥයින් සඳහා අවශ්‍ය ගාස්තු ගෙවීම් සම්බන්ධීකරණ කටයුතු හා සිතාසි ගොනු කිරීම වැනි කටයුතු සිදු කිරීම.
  • මොරටුව මහා නගර සභාවේ විවිධ අංශ මඟින් ඉදිරිපත් කරන ගිවිසුම් කෙටුම්පත් විධිමත්ව සැකසීමට උපදෙස් දීම.
  • විවිධ පාර්ශවයන් සමඟ ඇති කර ගන්නා ගිවිසුම් සකස් කිරීම හා ගිවිසුම්ගත කරවීම.
  • නිර්වන්දි ගිවිසුම් සකස් කිරීම හා අදාළ පාර්ශවයන් ගෙන්වා ගිවිසුම් අත්සන් කරවීම.
  • නිරතුරුවම නීති දෙපාර්තමේන්තුව වෙත ලැබෙන ආයතනයේ අභ්‍යන්තර සබඳතා සම්බන්ධ නීතිමය ගැටලු සඳහා උපදෙස් සැපයීම.
  • අතුරු ව්‍යවස්ථා කමිටුවේ කටයුතු කරමින් මොරටුව මහා නගර සභාවට අවශ්‍ය අතුරු ව්‍යවස්ථා සම්පාදනයෙහි ලා දායක වීම.
  • මානව හිමිකම් කොමිෂන් සභාව මෙන්ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව මඟින්  මොරටුව මහා නගර සභාව වෙත ඉදිරිපත් කෙරෙන පැමිණිලි සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් දැනුම්වත් කිරීම.
  • එම පැමිණිලි සඳහා පෙනී සිටීමට අවශ්‍ය උපදෙස් හා දත්ත සම්පාදනය කිරීම.
  • පැමිණිල්ල සඳහා කැඳවීම් කරන අවස්ථාවලදී අදාළ නිලධාරීන් සමඟ මානව හිමිකම් කොමිෂන් සභාවේ පෙනී සිටීම.